කාන්තා දේශපාලනය තුළ අපි සියලු දෙනාව එකතු කරගෙන යනවා – අගමැතිනිය කියයි.

0
21

මෙරට කාන්තාවන් නියෝජනය කරන සියලු ක්ෂේත්‍ර වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායම දේශපාලනයේ නියැලෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර කාන්තා දින සමරුවට එක්වෙමිනි.

වෙනත් නායකත්වයක් හෝ වෙනත් ව්‍යාපාරයක් වෙනුවෙන් දේශපාලනයේ නොනියැලෙන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

“මේ රටේ ඉන්න සියලු ගැහැනු දරුවන්ට, සියලුම කාන්තාවන්ට ආදර්ශමත් විදිහට ගැහැනුන් දේශපාලනය කළ යුතු විදිහ ගැන දිනෙන් දින ගොඩනැගෙන ව්‍යාපාරයක් මේක. ඒ ගැන අපිට ආඩම්බරයි.

ඒ වගේම කාන්තා දේශපාලනය තුළ අපි සියලු දෙනාව එකතු කරගෙන යනවා වගේම අපි මේ රටේ කාන්තාවන් මොන ක්ෂේත්‍රයේ කොතැන ද ඉන්නේ, ඔවුන් නියෝජනය කරන්නයි අපි දේශපාලනය කරන්නේ.

වෙන නායකත්වයක්, වෙන ව්‍යාපාරයක් ඉදිරියට ගන්න නෙවෙයි අපි මෙතැන කරන්නේ, අපේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න, ඒ්වා නියෝජනය කරන්නයි මේ දේශපාලනය කරන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here