ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් පිපිරිමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ.
පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවත් ඒ සමඟ ගුවන්යානා ගොඩබෑමට නොහැකිව ගුවන්තොටුපොළට ඉහළ රැදී සිටි බවය.
මේ සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් දන්වා සිටියේ, අදාළ පිපිරීම සුළු සිදුවීමක් බවයි.
වැඩිදුර තොරතුරු හෙළි නොකරන එම මාධ්‍ය කාර්යාලය ගුවන්තොටුපොළ පිළිබඳ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

