මැදපෙරදිග යුධ ගැටුම් වල නවතම තත්ත්වය

0
11
  • අමෙරිකා එක්සත් ජනපදය තුළ විරෝධතාකරුවන් කණ්ඩායම් රැසක් වීදි බැස ඉරාන ප්‍රහාරයට විරෝධතා දැක්වා ඇති බවත් ඇතැමුන් ප්‍රහාරය සහ ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනය සැමරූ බවත් අමෙරිකානු මාධ්‍ය වාර්’තා කරයි. තිබේ.
  • ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඉදිරියේදී අමෙරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයේ ස්ථාන ඉලක්ක කරමින් මාරාන්තික ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව වාර්’තා කර තිබේ. ඒ අනුව ඉරාන ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම මෙය බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.
  • කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.
  • ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය කමේනිගේ අභාවයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බව පවසා තිබේ. එමෙන්ම උත්තරීතර නායකයාගේ ඝාතනයට පළි ගැනීම් ආරම්භ කරන බවටද ඔවුන් දන්වා ඇතැයිද වාර්’තා වේ.
  • අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.
  • එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්’තා කර තිබේ.
  • කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
  •  ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසුවේ ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 133 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
  •  ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කර තිබේ.
  •  ඉරාන බාලිකා පාසලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 115ක් දක්වා ඉහළ ගොස් ඇත.
  •  ඩුබායිහි ජෙබෙල් අලි වරායේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
  •  ඉරාකයේ බස්රාහි බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි
  •  අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි.
  • සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසාගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය.
  • මේ සම්බන්ධව මෙතෙක් ඉරාන මාධ්‍ය විසින් තහවුරු කර නොමැති අතර ඔවුන් පවසන්නේ ඔහු ජීවත්ව සිටින බවය.
  •  ඊශ්‍රායලය දෙසට නව මිසයිල රැල්ලක් එල්ල වන බව ඊශ්‍රායල හමුදාව පවසයි.
  • එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ වන විට හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් අමතමින් සිටී. ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා තහවුරු කිරීමට තමාට හැකියාවක් නැති බව ඔහු එහිදී පැවසීය.
  • ඊශ්‍රායලයේ ටෙල්අවිව් ප්‍රදේශයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.
  • ඉරාන ප්‍රතිප්‍රහාර හමුවේ කටාර් රාජ්‍යයට මිසයිල ප්‍රහාර 66ක් එල්ල වී ඇති බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ. මිසයිල කැබලි වැටීමෙන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළ ඔහු පැවසුවේ රට පුරා මිසයිල කැබලි 114ක් කඩා වැටී ඇති බවය.
  • මැදපෙරදිග මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇතැයිද එය මේ වන විට ආරම්භ වී ඇතැයිද වාර්තා වේ.
  • ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා ඒකකය පවසන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ස්ථාන වෙත “පළිගැනීමේ” ප්‍රහාරවල තුන්වන සහ සිව්වන රැල්ල අඛණ්ඩව සිදුවන බවය. ඒ අනුව ඊශ්‍රායලයේ ඉලක්ක්ක රැසකට මෙම ප්‍රහාර එල්ලකරන බව ඉරානය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here