ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) මෙරටට පැමිණීමට නියමිතය.
ඒ තෙදින සංචාරයක් සඳහාය.
ඇය එළැඹෙන බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිත අතර එහිදී රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට සූදානමින් සිටියි.
එසේම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමටද නියමිතය.
එමෙන්ම රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ මෙරට පුරවැසියන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

