68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළේදී ජනාධිපති ට්‍රම්ප් පාලනයට චෝදනා

0
4

68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ක්‍රිප්ටෝ ඩොට් කොම් රඟහලේදී ‘Crypto.com’ ය.

ගායන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ග්‍රැමී සම්මාන උළෙල අතරතුර කාණ්ඩ 95ක් යටතේ සම්මාන පිරිනැමුණු අතර, එහිදී වැඩි ගෞරව දිනාගත්තේ වසරේ හොඳම ගීතය ඇතුළු සම්මාන පහක් දිනාගත් කෙන්ඩ්‍රික් ලෙමාර්ය.

හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය බෑඩ් බනී දිනාගනිද්දී, වසරේ හොඳම ගීතයට හිමි සම්මානය බිලී අයිලිෂ්ගේ වයිල්ඩ්ෆ්ලවර් ගීතයට හිමිවිය.

මේ අතර, බිලී අයිලිෂ් සම්මානය පිළිගනිමින් වත්මන් අමෙරිකානු පරිපාලනය විවේචනය කළේය.

එහිදී ඇය පැවසුවේ, “බලෙන් අල්ලාගත් රටක ජීවත්වන කවුරුත් නීතිවිරෝධී අය නෙමෙයි. අපි දිගටම සටන් කරන්න ඕන, කතාකරන්න ඕන. අපේ හඬට වටිනාකමක් තියෙනවා…” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here