අගනගරයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් සැලකෙන කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ(01) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණි.
කතරගම වාසනා හස්තියා නවම් මහා පෙරහරේ කරඬුව පළමුවරට වැඩම කරනු දක්නට ලැබීම විශේෂත්වයක් වුණි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝානයක පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර පැවැත්වුණේ 48 වැනි වරටය.
පෙරහර මංගල්‍යයේ සමාරම්භයට මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි පැවිදි බොහෝ පිරිසක් මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලනඥයින්ද එක්වසිටියහ. පෙරහැර නැරඹීමට දෙස් විදෙස් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ මග දෙපස පෙල ගැසී සිටිනු දක්නට ලැබුණි.

