“රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය” හෙට සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක

0
104

රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කරයි.

මාළිගාවත්ත රෝහලේ සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදුකිරීමට විරෝධය පළ කරමින් රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගනු ලැබීය.

මේ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ, විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, mammogram පරීක්ෂණ හා ශල්‍යාගාරවල විකිරණ භාවිත කරමින් සිදුකරනු ලබන සැත්කම් සියල්ල හෙට දිනයේ අඬාල වීමට නියමිත බව එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා පවසයි.

මෙය අඛණ්ඩව සිදුකිරීමට සිදුවුයේ පසුගිය 21 වන දින දියත් කළ එක්දින වැඩවර්ජනයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.