තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ.
ඒ ඇයගේ පෞද්ගලික කටයුත්තක් හේතුවෙනි.
නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන් වේ.

