B1/B2 ආගන්තුක වීසා බලපත්‍ර ඛාණ්ඩය යටතේ එක්සත් ජනපදයට ඇතුළු වී රැකියා කිරීම නීති විරෝධී. තානාපති කාර්යාලයෙන් උපදෙස්.

0
16

B1/B2 ආගන්තුක වීසා බලපත්‍ර ඛාණ්ඩය යටතේ එක්සත් ජනපදයට ඇතුළු වීමට පෙර එරට නීති රීති දැන ගැනීමට ශ්‍රී ලාංකික සංචාරකයින්ට දැනුවත් කිරීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය පැහැදිලි කළේ වීසා බලපත්‍රය මඟින් පුද්ගලයින්ට ව්‍යාපාරික රැස්වීම් පැවැත්වීමට සහ ගිවිසුම් සාකච්ඡා කිරීමට අවසර ඇති නමුත් එය එරටට ගොස් රැකියා කිරීමට අවසර නොමැති බවයි.

අනවසර රැකියා වල නියැලෙන අය පිටුවහල් කිරීමේ අවදානමට ලක්ව ඇති බවත් අනාගතයේදී නැවත රටට ඇතුළුවීම නොහැකිවන සේ ස්ථිර තහනමකට ලක් විය හැකි බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය තවදුරටත් අනතුරු ඇඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here