පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

0
19
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ( T.- 20 ) ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළඹෙන 01/07 , 01/09 සහ 01/11 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ .
මෙම පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 01/05 දින සවස 05.15 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව , කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබුණි .
(ටී.කේ.ජී. කපිල – කටුනායක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here