සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් නිහඬතාවය රකී.

0
10

NEWSNOW | – සුනාමි ව්‍යසනය සිදුවී වසර 21ක් සපිරෙන අද දින ඉන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා අද (25) පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා ජනතාව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක නිරත විය.

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත්වුණි.

සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවර “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here