හලාවත මහ රෝහල සහ ජපන් රජයේ අනුග්‍රහයෙන් පැවැති හදිසි ආපදා සහන වෛද්‍ය කඳවුර නිරීක්ෂණය කරන සෞඛ්‍ය අමාත්‍යවරයා.

0
7
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මැතිතුමා හලාවත මහ රෝහල සහ ජපන් රජයේ අනුග්රහයෙන් පැවැති හදිසි ආපදා සහන වෛද්ය කඳවුර නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත් වූ හලාවත මූලික රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්ය කටයුතු නිරීක්ෂණය කර කඩිනමින් ක්රියාවට නැගීමේ අරමුණින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මැතිතුමා පසුගියදා එහි විශේෂ චාරිකාවක නිරත විය.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සහ දේශපාලන අධිකාරිය ද එක්ව සිටියහ.
එහිදී රෝහල් ⁣අධ්යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් රෝහලේ වර්තමාන තත්ත්වය අනාවරණය කළ අතර නැවත රෝහල යථා තත්ත්වයට පත් කිරීමේදී මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළේය.
එමෙන්ම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ වන විට රෝහලේ කටයුතු ක්රියාත්මක වන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කළ අතර රෝහල යථා තත්ත්වයට පත් කිරීමට අදාළ කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පාර්ශ්වයෙන්ගේ සහාය ලබාදීමට අවශ්ය සම්බන්ධීකරණය සහ අවශ්ය උපදෙස් ලබා දෙන ලදී.
තවද, හලාවත මූලික රෝහලේ කටයුතු අඩපණ වීම හේතුවෙන් පීඩාවට පත් වූ ජනයා වෙනුවෙන් කඩිනම් සෞඛ්ය සේවා ලබාදීමට රජය විසින් පියවර ගැනීමේ දී ජපන් ශ්රී ලංකා මිත්රශීලීත්වය පෙන්නුම් කරමින් මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ වෛද්ය කණ්ඩායමේ විශේෂ සහයෝගය හිමි වන ලදී .
මෙම ජපන් විශේෂඥ කණ්ඩායම සති දෙකක පමණ කාලයක් හලාවත පොලිස් ක්රීඩාංගණය තුළ විශේෂ ක්ෂේත්ර රෝහලක් ස්ථාපනය කර පවත්වා ගෙන ගියේය.
මෙහි කටයුතු සොයා බලමින් එම ජපන් විශේෂඥ කණ්ඩායම වෙත කෘතවේදීත්වය පළ කිරීමටත් ප්රදේශයේ ජනයාගේ අවශ්යතා පිළිබඳව සොයා බැලීමත් අරමුණු කරගනිමින් අමාත්යවරු දෙපල එම ස්ථාන නිරීක්ෂණය කරන ලදී.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අජිත් ගිහාන් ප්රනාන්දු, ගයාන් ජානක, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here