NEWSNOW | – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බොක්සිං ක්‍රීඩකයින් සිව් දෙනෙකු , මෙරට බොක්සිං ඉතිහාසයේ විශාලතම පෙරළියක් කරමින් , අවසාන 16 දෙනාගේ වටයට ඇතුළත් වීමත් සමත් වූ අතර , ඔවුන් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 150 ක බොක්සිං ක්‍රීඩකයන් 600 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 12/03 දින සිට 12/13 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ ( International Boxing Association ) සංවිධායකත්වයෙන් පවත්වා තිබුණි.
එම තරගාවලියට ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ වලින් , පාසැල් අධ්‍යාපනය නිමා කර පැමිණි තරුණ බොක්සිං ක්‍රීඩකයන් සිව් දෙනෙකු පළමු වරට මෙම තරගාවලියට සහභාගී වෙමින්, අවසන් 16 දෙනාගේ වටයට ඇතුළත් වීමේ උසස් ජයග්‍රහණය හිමි කර ගෙන තිබීම විශේෂත්වයකි.
රවිදු ජයනාත් කිලෝ ග්‍රෑම් 54 බර පංතිය , උදාර රූපස්සර කිලෝ ග්‍රෑම් 71 බර පංතිය, මොහොමඩ් උසිත් කිලෝ ග්‍රෑම් 75 බර පංතිය සහ ඩැනියෙල් තිසරආරච්චි කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ තරග කර ඔවුන් සිව් දෙනා වේ.
ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

