NEWSNOW | – දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු ගමනා ගමනය සඳහා අද (15) විවෘත කර තිබේ.
මේ වන විට නායයෑමෙන් මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති බව අප වාර්තාකරු පැවසීය. මාර්ගයට ඉහළින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගයේ නිර්මාණය කර ඇත.
මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් සීමා පනවා ඇත.
මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාවලපිටිය හා ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් සිදුකෙරිණ.

