දින 10කට අවදානම් තත්ත්වයක්

0
2

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.

දෙසැම්බර් 09 සිට 19 දක්වා දින දහය තුළ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන් ම, ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබීමට ද ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර දිස්ත්‍රික්කය: හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ උඩුනුවර, පාතදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරණායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්කය: මාවතගම, මල්ලවපිටිය, රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය: නාඋල, විල්ගමුව, පල්ලේපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලේගම, උකුවෙල, රත්තොට, මාතලේ, යටවත්ත

එමෙන් ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අවදානම් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති ප්‍රදේශවලින් තාවකාලිකව ජනතාව ඉවත් කිරීමට අදාළ නිවේදන මෙම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here