ආපදා මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ 28,000 කට වැඩි පිරිසක්.

0
109

NEWSNOW| – මේ වන විට ආපදාවට පත්වූ ප්‍රදේශවල ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් යොදවා ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා  සදහන් කළේ බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.