රටට බලපෑ ආපදා තත්ත්වය තත්ත්වය හේතුවෙන් පොත් එළිදැක්වීමේ උත්සවය කල් දමයි.

0
103

NEWSNOW | –   පහන ප්‍රකාශන ආයතනය විසින් එහි 5 වන සංස්කරණය වන “අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ” පොත එළිදැක්වීමේ උත්සවය කල් දමා ඇත.

මෙම උත්සවය දෙසැම්බර් 11 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත්, රටට බලපෑ දැඩි ආපදා තත්ත්වය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම උත්සවය තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇති බව උත්සව සංවිධායක කමිටුව නිවේදනය කරයි.

මේ සඳහා නව දිනයක් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.