මහවැලි ගංගා ද්‍රෝණිය අවට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

0
1

NEWSNOW | – මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (25) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මූතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, නමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර අවදානම මතුව තිබේ.

තවද මඩකලපුව පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාගර්යද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව ද ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here