රු. කෝටි  25 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශිකයෙකු අත්අඩංගුවට

0
14

NEWSNOW| – රුපියල් කෝටි  25 ක් වටිනා “කොකේන් ” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (23) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 25 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි .

ඔහු ඊයේ රාත්‍රී 08.20 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොහු විසින් රැගෙන ආ සිය අත් බෑගය තුළ , චොකලට් අඩංගු ටින් තුළ , මෙම කිලෝ ග්‍රෑම් 05 ක ” කොකේන් ”  මත්ද්‍රව්‍ය තොගය , කරල් ලෙස සකස් සගවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු මෙම මැලේසියානු ජාතිකයා සහ ඔහු විසින් රැගෙන විත් ඇති ” කොකේන් ” මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

(කටුනායක – ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here