NEWSNOW | – ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක්ද අය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියාසිටියේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ” මම රුපියල් 100ක් දැම්මොත් එකෙන් කීයක් බදු හැටියට ගන්නවද?”
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ.
“අන්තර්ජාලය භාවිතාකරනවා නම් ඒකට Telecommunication Levy කියන බද්ද අයිති වෙන්නේ නෑ. 15%ක් Effective Tax පාරිභෝගිකයාට එරෙහිව Broadband නැතුව අනෙක් Voice පහසුකම් සඳහා 38.4ක් Broadband වලට එන්නේ 20.3ක් වගේ වෙන්නේ Effective Tax එක.”

