කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 3ක් ආපසු හරවා යවයි.

0
9

NEWSNOW | –  අද (19) අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ , ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 881 දරන ගුවන් යානය, ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් නුවර සිට උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 266 දරන ගුවන් යානයයි.

එම ගුවන්යානා මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here