තලාවේ බස් අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළට

0
113

NEWSNOW | – අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ අද(10) දහවල් පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව තලාව පොලීසිය පවසයි.

මෙහිදී පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.