මුස්ලිම් ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ශූරා කවුන්සිලයෙන් යෝජනා

0
2

NEWSNOW | – මුස්ලිම් ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට ජාතික ශූරා කවුන්සිලය (NSC) සූදානම් වෙයි.

මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන, බුද්ධිමතුන් සහ වෘත්තිකයන්ගේ ප්‍රධානතම සම්මේලනය වන ජාතික ශූරා කවුන්සිලය (NSC), ඉදිරි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (2026 වසරේ සිට) සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට විස්තීර්ණ යෝජනා මාලාවක් සූදානම් කර ඇත.

මෙම යෝජනා, අධ්‍යාපනය, නීතිය සහ ප්‍රජා සංවර්ධනය පිළිබඳ විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත NSC විසින් පත් කරන ලද විශේෂ කාර්ය සාධක බලකායක් (Task Force) විසින් සකස් කරන ලදී. නීතිඥවරයෙකු මෙන්ම කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා ද වන ඒ.ආර්.එම්. ට්‍රිස්වි මාරික්කාර් මහතා මෙම කාර්ය සාධක බලකායේ නායකත්වය දැරීය.

මෙම ලේඛනය විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ ආගමික විද්වතුන් සමඟ සිදු කරන ලද පුළුල් සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබිඹු කරන අතර, ජාතික ප්‍රතිපත්ති හැඩගැස්වීමට නිර්මාණාත්මක ලෙස දායක වීමට මුස්ලිම් ප්‍රජාව දක්වන කැපවීම අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය හැඩගැස්වීමේදී සාධාරණත්වය, අන්තර් කරනය(inclusivity) සහ සංස්කෘතික සංවේදීතාව NSC හි මෙම ඉදිරිපත් කිරිම මඟින් අවධාරණය කරයි. ප්‍රතිසංස්කරණ සියලු ප්‍රජාවන්ට ප්‍රතිලාභ ලබා දෙන බවටත්, සමාජ සහජීවනය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කරන බවටත් සහතික වීම මෙහි අරමුණයි.

එහි ප්‍රධාන නිර්දේශ අතරින්, NSC තරයේ කියා සිටින්නේ, අධ්‍යාපන ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික අයිතිවාසිකම් මත මෙහෙයවිය යුතු බවයි—විශේෂයෙන්ම, සමානාත්මතාවය, වෙනස්කම් නොකිරීම සහ සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු කිරීම ප්‍රවර්ධනය කරන මූලධර්ම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ජාතික සමගිය, ප්‍රගතිය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ජාතික අභිලාෂයන් සමඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමපාත කිරීම සඳහා, ප්‍රජා සහභාගීත්වය, විෂයමාලා විවිධත්වය සහ පාසල්වල පරිවර්තනීය නායකත්වය යන කරුණුවල වැදගත්කම ද මෙම යෝජනා මඟින් ඉස්මතු කරයි.

මෙම යෝජනා ඉදිරිපත් කර සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට NSC සූදානමින් සිටියි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආත්මය පිළිබිඹු කරන සියල්ල ඇතුළත්, ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ සඳහා ධනාත්මකව දායක වීමට ඇති තම කැපවීම NSC මෙයින් යළි තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here