TOPදේශීය පුවත් මේ වසරේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 18 ඉක්මවන හෙරළ By Lakmini Nadeesha - October 18, 2025 0 7 FacebookTwitterPinterestWhatsApp 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ. එම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගියේය. දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ ඇත. ඉන්දියාවෙන් මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන 396,274කි. එමෙන්ම එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින් ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පැමිණ ඇත. ඊට අමතර ප්‍රංශය (90,250), ඔස්ට්‍රේලියාව (81,040), නෙදර්ලන්තය (53,922) හා අමෙරිකාව (50,027) යන රටවලින්ද පනස්දහස ඉක්ම වූ සංචාරකයන් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පැමිණ තිබේ. එමෙන්ම ඉතාලිය (39,932), කැනඩාව (37,606), ස්පාඤ්ඤය (36,430), පෝලන්තය (36,389) යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් මෙරටට පැමිණ ඇත. පසුගිය වසරේ දී ලක්ෂ 20 (2,053,465) ඉක්ම වූ සංචාරකයන් මෙරටට පැමිණ තිබුණි.