නව අගමැති විසින් නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරී

0
2

NEWSNOW | –  නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ඒ නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි විසිනි.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 5 වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here