NEWSNOW | – ශ්රී ලංකාවේ ප්රවාහන, අධිවේගී මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා, සවුදි අරාබියේ වරාය අධිකාරිය වන MAWANI හි සභාපති ඉංජිනේරු සුලෙයිමාන් බින් ඛාලිද් අල්-මස්රුවා මහතා හමුවිය. 2025 සැප්තැම්බර් 3-4 දක්වා සෞදි අරාබිය විසින් සත්කාරකත්වය දරන 2 වන තිරසාර සමුද්රීය කර්මාන්ත සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්විණි.
එහිදී ශ්රී ලංකාව සහ සවුදි අරාබිය අතර වරාය සහ සමුද්ර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා විය. දෙරටේ මූලික වරායන් අතර මෙහෙයුම්මය සහයෝගිතාවක් ගොඩනඟා ගැනීමේ අවශ්යතාවය පිළිබඳව ද අවධානය යොමු විය.
අමාත්ය රත්නායක මහතා ශ්රී ලංකාවේ පවතින දේශපාලන ස්ථාවරතාවය හා ආර්ථික ප්රගතිය පිළිබඳව තොරතුරු ඉස්මතු කළ අතර, දකුණු ආසියාව සහ මැද පෙරදිග ආශ්රිත ප්රදේශයන් අතර සමුද්ර සන්නිවේදන මාර්ගවල සංවර්ධනය සහ එකමුතු වර්ධනය අවශ්ය බවද අවධාරණය කළේය. ශ්රී ලංකාවේ වරාය හා සමුද්ර කර්මාන්ත ක්ෂේත්රවල සවුදි ආයෝජකයින් සඳහා පවතින ආයෝජන සහ හවුල්කාරීත්ව අවස්ථා පිළිබඳව ද ඔහු විස්තර කළේය.
නාවිකයින් පුහුණු කිරීමේ සහයෝගීතාවය සඳහා මාර්’ග ගවේෂණය කළ නියෝජිත කණ්ඩායම් දෙක, ජාත්යන්තර සමුද්රීය සංවිධානය (IMO) ඇතුළු බහුපාර්ශ්වික වේදිකා තුළ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟ විය.
මෙම හමුව සඳහා අමාත්ය රත්නායක මහතා සමඟ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, ජිද්දා හි වැඩබලන කොන්සල් ජෙනරල්වරිය මෆූසා ලාෆිර් මහත්මිය, අතිරේක ලේකම් දර්ශිකා අනුජානි මහත්මිය, සහ අමාත්ය පුද්ගලික ලේකම් අසංක චන්ද්රසේන මහතා සහභාගි වූහ.
සෞදි පාර්ශ්වය නියෝජනය කරමින් MAWANI හි සභාපති, උප සභාපති සහ ජ්යෙෂ්ඨ නිළධාරීන් සහභාගි වූහ.
ශ්රී ලංක