NEWSNOW| – ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම ආසියානූ ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ආචාර්ය හුසේන් අල් මුස්ලාම් ( Captan Doctor Husain Al Mussalam ) මහතා තුන් දින නිල සංචාරයක් සදහා අද(07) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එළඹෙන 2026 වසරේ ජපානයේ නගෝයා නුවර පැවැත්වීමට නියමිත ආසියානූ ක්‍රීඩා උළෙලේ ප්‍රචාරක කටයුතු ලෙස හෙට (08) දින ගල්කිස්ස ප්‍රදේශයේ පැවැත්වෙන ධාවන තරගයේ ( Asian Games Fun Run ) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හුසේන් මහතා සහභාගී වීමට නියමිතය .
ඔහු අද පෙරවරුවේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීවරයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ටී.කේ.ජී.කපිල – කටුනායක