ඇෆ්ගනිස්ථානයේ හටගත් ප්‍රබල භූ කම්පනයකින් 20 දෙනෙක් මරුට

0
5

NEWSNOW | – අද(01) උදෑසන ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.

භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එම වාර්තා වල දැක්වේ.

මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here