NEWSNOW | – ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිස ද , කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන ආ ගුවන් යානයෙන්ම ඊයේ (30) දින රාත්‍රී පැමිණ තිබූ අතර එහිදී ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම මල් මාළ දමා පිළි ගනිමින් සමරු තිළිණ පිරිනැමීමට ද පියවර ගෙන තිබුණි .
මෙම ඇගැයීම් සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ , පොලිස් විශේෂ කාර්යය බළකායේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .
මෙම ඇගැයීම් උත්සවය කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා සිදු කිරීමට පියවර ගෙන තිබුණි.