ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අසාකච්ඡාව සාර්ථකයි. තැපැල් වර්ජනය අඛණ්ඩව.

0
110

NEWSNOW | –  ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අසාකච්ඡාව සාර්ථක බවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් තැපැල් වෘත්තීය සමිති පවසයි.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග අද(19) දහවල් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පෙරේදා (17) පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස අඛණ්ඩ වර්ජනයක නිතර වෙති.

මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ. එසේම මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි දහස් ගණනක් ගොඩ ගැසී ඇති බවත් ඉන් රජයට සිදුව ඇති පාඩුව ලක්‍ෂ ගණනක් බවත් අනාවරණය වේ.