NEWSNOW | – ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ “National Business Excellence Awards 2025” සම්මාන උළෙලේදී සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී (CDB) අඛණ්ඩව 8 වැනි වසරටත් බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. CDB එහිදී කාර්ය සාධන කළමනාකරණ විශිෂ්ටතාව (Excellence in Performance Management) වෙනුවෙන් කුසලතා සම්මානයක්ද හිමිකරගැනීමට සමත්විය. ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රමුඛ දායකත්වයක් සපයන, අභියෝග හමුවේ නොසැලුන ශක්තිමත් තිරසර මූල්‍ය සමාගමක් ලෙස CDB ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ට සේවා සංස්කෘතියක් පවත්වාගෙන යාම, මෙම ගෞරව සම්මාන හරහා නැවතත් සනාථ කොට තිබේ.
ගනුදෙනුකාරභවතුන්ගේ හා ව්‍යාපාර සහකරුවන්ගේ අපේක්ෂා ඉටුකරමින් හරිත ආර්ථිකයක් කරා පියනගන CDB විශිෂ්ට මෙහෙවර නැවත වරක් සම්මානයට පාත්‍රවීම පිළිබඳ අදහස් දැක්වූ එහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා “ගනුදෙනුකාරභවතුන් අප කෙරෙහි තැබූ විශ්වාසය, හෘද්‍යාංගම විශිෂ්ට සේවයකට කැපවූ කාර්ය මණ්ඩලය හා ව්‍යාපාරික පාර්ශ්වකරුවන්ගේ සහයෝගය, CDB ආයතනික අඛණ්ඩ සාර්ථකත්වයටත් මේ ආකාරයෙන් අඛණ්ඩව ගෞරව සම්මානයට පාත්‍රවීමටත් හේතුවූවා. නව්‍යකරණය, නිරන්තර යාවත්කාල වන තාක්ෂණය හා තිරසර සංවර්ධනය මත පදනම් වූ කාර්යක්ෂම මෙන්ම විනිවිදභාවයකින් යුතු මූල්‍ය සේවා සංස්කෘතියක් CDB තුළ ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් National Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමීමේදී සලකා බලන ලද නිර්ණායක 7 ක් CDB ආයතනික සේවා සංස්කෘතිය තුළ අප දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යාම සිදුකරන්නේ ගනුදෙනුකාරභවතුන්, කාර්ය මණ්ඩලයේ හා ව්‍යාපාරික පාර්ශ්වකරුවන්ගේ පමණක් නොවෙයි ශ්‍රී ලාංකීය ආර්ථිකයේද දියුණුව ඉලක්ක කරගනිමින්.” යැයි පැවසීය.
තම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නායකත්වය පිළිබඳ ව්‍යාපාරික විශිෂ්ටත්වය (Business excellence in Leadership), ව්‍යාපාරික යහපාලනය හා උපායමාර්ග (Corporate Governance & Strategy), ධාරිතා සංවර්ධනය (Capacity Building), කාර්ය සාධන කළමනාකරණය (Performance Management), දේශීය හා ගෝලීය වශයෙන් වෙළෙඳපොළ ප්‍රවේශය (Local and Global market reach), පාරිසරික සමාජ පාලනය (Environmental Social Governance), සහ ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රතිඵල (Business & Financial results) යන ඇගයීම් නිර්ණායක 7 ඔස්සේ ක්ෂේත්‍ර රැසක ප්‍රවීණ විනිසුරු මඬුල්ලකගේ ප්‍රධානත්වයෙන් “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025” සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වූ ව්‍යාපාර ආයතන රැසක් අතුරෙන් සම්මාන පිරිනැමීම සඳහා ව්‍යාපාර ආයතන තෝරාගැනීම සිදුකෙරිණ.
ඡායාරූපය 01 : ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති දීපාල් නෙල්සන් මහතා විසින් CDB කළමනාකාර (තිරසර මූල්‍ය සේවා) වජීෂා එදිරිසිංහ මහත්මිය වෙත බැංකු නොවන මූල්‍ය සේවා ආයතන වෙනුවෙන් පිරිනමන ප්‍රමුඛතම සම්මානය පිරිනමමින්. ඔවුන් සමග එක්ව (වමේ සිට දකුණට) ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජික ගාමිර්‍ණ සපරමාදු, CDB සාමාන්‍යාධිකාරී (ණය ඇගයීම්) සුදත් ප්‍රනාන්දු සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දමිත් තෙන්නකෝන්, සම්මාන උළෙල අනුග්‍රාහක ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්තනි පෙරේරා, ජේෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) චමත් සිරිවර්ධන සහ ඩිජිටල් ව්‍යාපාර නිලධාරී හසිත දසනායක මහත්වරුන්
ඡායාරූපය 02 : CDB කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025” සම්මාන උළෙලේදී හිමිකරගත් සම්මානය සමග අභිමානයෙන්