උතුරු නැගෙනහිර පළාතේ හර්තාල් ව්‍යාපාරය අසාර්ථකද ?

0
12

NEWSNOW | – මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එම හර්තාලය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් කැඳවා තිබුණි. එසේ වුවද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව වාර්තා වේ.

හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද, වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබේ.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (18) ව්‍යාපාරික ස්ථාන, පොදු වෙළෙඳපොළවල් සහ පෞද්ගලික ආයතන සහ තවත් ස්ථාන බොහෝමයක් වසා දමා ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වුවත් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද වාර්තා වේ.

හර්තාල් පවතින නගරවල හමුදාව සහ පොලීසිය යොදවා ඇති අතර ආරක්ෂාව තර කර ඇත.

මුලතිව්හි හමුදා කඳවුරකට ඇතුළු වී අතුරුදහන් වී පසුව එම ප්‍රදේශයේ ප්‍රදේශයේ වැවක ගිලී මිය ගිය 32 හැවිරිදි එදිර්මානසිංහම් කබිල්රාජ්ගේ මතභේදාත්මක මරණයට ප්‍රතිචාර වශයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here