නයිජීරියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් 40 දෙනෙකු අතුරුදන්

0
175

NEWSNOW | – නයිජීරියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේදී මෙම බෝට්ටු අනතුර සිදුව ඇති බවය.

50 කට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇත.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තාවේ.