නිදහස් පලස්තීනයක් වෙනුවෙන් වන ගෝලීය සහයෝගීතාවයට අපිත් පෙළ ගැසෙමු!

0
14

NEWSNOW| – ආසියාවේ රටවල් 6 ක් (බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, පකිස්ථානය, සහ පිලිපීනය සමඟ ශ්‍රි ලංකාවේ අපද එක්වෙමින් නිදහස් පලස්තීනයක් වෙනුවෙන් එකවර සිදු කෙරෙන ගෝලීය මුලපිරීම ලබන 15 වනදා සිදු කෙරේ.

එනම් 15 වන සිකුරාදා බොරැල්ල කනත්ත වටරවුමේ සිට බොරැල්ල කැම්බල් පාර්ක් දක්වා
දක්වා ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතා පාගමන පස්වරු 3 ට ආරම්භ වේ.

එය මැලේසියාව විසින් මෙහෙයවනු ලබන ගෝලීය මුලපිරීමකට එකතු කිරීම සඳහා ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල සහාය ඇතිව විශාල කලාපීය ව්‍යාපාරයක් ලෙස පැවැත්වේ.

මැලේසියාවේ අගමැති දාටෝ සේරි YBA අන්වර් ඉබ්‍රාහිම්ගේ අනුග්‍රහය ඇතිව මෙම මුලපිරීම, ගාසා තීරයේ වටලෑම බිඳ දැමීම සඳහා සැප්තැම්බර් මස මුලදී මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා 150 කට අධික සංඛ්‍යාවක් යැවීමට ලොව පුරා රටවල් 45 කට වැඩි ප්‍රමාණයක් එක් කිරීමට නියමිතය.

මේ මොහොතේ කුස ගින්නෙන් මරණ බියෙන් තැතිගෙන සිටින මිහිමත ජීවත් වන අප වැනිම මනුෂ්‍ය කොට්ඨාසයකට අපේ සහය අවැසි මොහොතකි මේ. මේ වේදනාව දැනෙත තෙතමනයක් ඇති හදවත් ඇති සියලු දෙනාට මේ සඳහා කෙරෙන ආරාධනයයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here