NEWSNOW | – අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කළේය.
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අදාළ නඩුව අද (12) මෝසමක් මාර්ගයෙන් කැඳවමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ මැයි මස 19 වනදා “සී වූ ප්‍රයිවට් ලිමිටඩ්” නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙන බව සඳහන් කළාය.