ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද සක්‍රීය වෙයි

0
123

NEWSNOW | –  ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් වන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද සක්‍රීය වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී ඇති බවයි.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියේ, එරට වේලාවෙන් ඊයේ (1) රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද පුපුරා ගිය බවුය.

ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසක් පුරා අහසේ විසිරී ඇත.

මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක්විය ඇතිවිය බැවින්, ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට උපදෙස් ලබාදී ඇත.