NEWSNOW | – ලොව ප්‍රමුඛතම ආරක්‍ෂක ප්‍රදර්ශනයක් වන 17 වන ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය 2025 (IDEF 2025), තුර්කි ජනරජයේ ජනාධිපතිතුමාගේ අනුග්‍රහය යටතේ තුර්කි ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් තුර්කි සන්නද්ධ හමුදා පදනම විසින් සංවිධානය කර පවත්වන ලදි.
මෙම සුවිශේෂ අවස්ථාව අති නවීන ආරක්‍ෂක තාක්‍ෂණයන් ප්‍රදර්ශනය කිරීම සහ ආරක්‍ෂක අංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ගෝලීය වේදිකාවක් සපයන ලදී.
මෙම ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය ජූලි 22 සිට 27 දක්වා ඉස්තාන්බුල් එක්ස්පෝ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වීම සදහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශාමික), තුර්කියේ ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය බිලාල් දුර්දාලි මහතාගේ ආරාධනයෙන් තුර්කියේ රාජ්‍යයට පිටත් විය.
සංචාරය අතරතුර මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) තුර්කියේ ඉහල පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වු අතර, එහිදී ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් වන Bilal Durdali සහ Musa Heybet යන මහත්වරුන් සමග මෙන්ම තුර්කි යුද හමුදාපති ජෙනරල් Selçuk Bayraktaroğlu, නාවික හමුදාපති අද්මිරාල් Ercüment Tatlıoğlu සහ ගුවන් හමුදාපති එයාර් ජෙනරල් Ziya Cemal Kadıoğlu සමඟ ද සාකච්ඡා පවත්වන ලදි.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා, ශ්‍රී ලංකාව සහ තුර්කියේ අතර ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා මාර්ග ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කල අතර, දෙපාර්ශ්වයම මුලපිරීම් හරහා, අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීමට එකිනෙකාගේ ඇති කැපවීම නැවත වරක් තහවුරු කරන ලදි.
මෙම සංචාරය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්විය.