ශ්‍රී ලංකාවේ ” මිස් ටීන් ටුවරිසම් ” පිලිපීනය බලා පිටත් වෙයි

0
16

NEWSNOW | – ( Miss Teen Tourism ) තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත් අංජානා හීනටිගල මෙනවිය පිලිපීනයේ පැවත්වෙන මිස් ටීන් ටුවරිසම් තරගාවලියට සහභාගී වීම සදහා අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.

ලෝකයේ රටවල් 40 ක තරගකාරියන් සහභාගී වන තරගාවලියේ අවසාන මහා තරගය එළඹෙන අගෝස්තු මස 08 වැනි දින පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වීමට නියමිතය.

ඇයගේ ජාතික පුහුණුකරු මෙන්ම මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර මහතා ද ඇයට සුභ පැතීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

අංජානා හීනටිගල මෙනවිය අලුයම 12.55 ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 046 දරන ගුවන් යානයෙන් තායිලන්තය හරහා පිලිපීනයේ මැනිලා නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.

(ටී.කේ.ජී. කපිල – කටුනායක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here