අන්දමන් සහ නිකොබාර් දූපත් අසල රික්ටර් මාපක 6.6 ක භූමිකම්පාවක්‍.

0
163

NEWSNOW | – අන්දමන් සහ නිකොබාර් දූපත් අසල අද (29) අලුයම ඇති වූ රික්ටර් මාපක 6.6 ක භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

අද මාධ්‍ය අමතමින් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දීපානි වීරකෝන් පැවසුවේ අද අලුයම 5.18 ට පමණ ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 260 ක් පමණ දුරින් භූමිකම්පාව සිදුවී ඇති බවයි.

රික්ටර් මාපක 6.6 ක භූමිකම්පාවෙන් පසු පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බවත්, ඕස්ට්‍රේලියාවට ආසන්නව රික්ටර් මාපක 7 ක භූමිකම්පාවක් වාර්තා වී ඇති බවත් ඇය පැවසුවාය.

භූමිකම්පා සහ පසු කම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආචාර්ය දීපානි වීරකෝන් මහත්මිය සහතික විය.

මේ අතර, ඉන්දියාවේ භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පැවසුවේ බෙංගාල බොක්කෙහි කිලෝමීටර් 10 ක් ගැඹුරින් 6.6 ක භූමිකම්පාවක් සිදු වූ බවත්, පසුව පසු කම්පන කිහිපයක් ඇති වූ බවත්ය.

ඉන්දියාවේ භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය තවදුරටත් පැවසුවේ කෙසේ වෙතත්, ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.