NEWSNOW| – තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් ( Yusuf Tekin ) මහතා අද(24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඒ ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 03 වන සැසිවාරයට සහභාගී වීම සදහාය.
වෙළෙඳ අමාත්‍යාංශයේ වානිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම සමුළුව අද දින කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට නියමිතය.
එහිදී දෙරට අතර වෙළෙඳ , ආයෝජන , සංචාරක , අධ්‍යාපන , තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට සූදානම් වේ.
දෙදින නිල සංචාරයක් සදහා පැමිණි තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සමග තවත් 08 දෙනෙකුගෙන් යුතු එරට ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ සිටියහ .
ඔවුන් අද අලුයම 05.05 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා වෙළෙඳ , වානිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .
තුර්කි අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම සමුළුවට සහභාගී වී ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපතිතුමා ද මුණ ගැසීමෙන් පසු හෙට රාත්‍රී ආපසු පිටත්ව යාමට නියමිතය .
(ටී.කේ.ජී.කපිල – කටුනායක)