TOPදේශීය පුවත් මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගනී By Editor ලංකා - July 23, 2025 0 21 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කරයි. ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ අතර අද (23) රැස්වූ කන්න සභාවේදී ඊට අනුමැතිය හිමිවිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේය. ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඔහු, ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.