අසාධ්‍ය තත්ත්වයේ පසුවූ “භාතිය” හස්තියා අවසන් ගමන් යයි

0
143

NEWSNOW |-   වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ “භාතිය” හස්තියා අද(15) උදෑසන මිය ගිය බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා පොල්පිතිගම ප්‍රදේශයේ මඩ සහිත වළක පැත්තකට හැරී වැතිර සිටියදී භාතිය ඇතා පසුගියදා සොයා ගන්නා ලදී.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන අලි ඇතුන් තිදෙනාගෙන්, භාතියගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබුණේ ඇතාගේ දකුණු ඉදිරිපස කකුලට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබූ නිසා එමඟින් එහි චලනය සීමා වී ඇති බැවිනි.

පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් මෙන්ම පොලිස් සහ හමුදා නිලධාරීන් ද ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පසුගිය දින කිහිපය තුළ මහත් පරිශ්‍රමයක් දැරූහ.