ගෝල්ෆේස් හි පාරේ වෙළඳාම් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත් කෙරේ

0
208

NEWSNOW | – අද(08) උදෑසන සිට මෙම වෙළඳසැල් ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර මේ වන විට එහි අනවසර වෙළදුන් සහ පදික වෙළඳුන් කිසිවෙකු දක්නට නොලැබෙන වාර්තා වේ.

මෙම වෙළඳසැල් පවත්වාගෙන ගිය වෙළඳුන්ගෙන් හය දෙනෙක් අද වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡාකර තිබේ.

එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වෙළඳුන්ගෙන් ලියාපදිංචි වී ඇති වෙළෙඳුන් සඳහා වෙළෙඳ කටයුතු සිදු කරගෙන යෑමට වෙනම ස්ථානයක අවසර ලබා දෙන බවයි.

ඒ සඳහා අදාළ අයදුම්පත් හෙට දහවල් 2.00 ලබා දෙන බවද එම නිලධාරීන් පවසා තිබේ.