මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමට රජයේ අවධානය

0
14

NEWSNOW | –  මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු අද(08) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පැවතිය යුතු බව තමන් පිළිගන්නා බවයි.

දැනටමත් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

”මාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර දැනට අපගේ අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇත. කෙසේ වුවද රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් එම ආයතන වලට බලපැවැත්වෙන ආකාරයෙන් අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධති පවත්වාගෙන යනු ලබනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here