සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරය වෙනස් වෙයි

0
116

NEWSNOW | – නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මෙම මස 10 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත වීම හේතුවෙන් ඔහු පත්කර තිබේ.