අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනය වෙයි

0
128

NEWSNOW| –   අද (30) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ  ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි නව මිල රුපියල් 289ක් වන බවය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ දමා අතර එහි නව මිල වන්නේ රුපියල් 305කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි.