පලස්තීනය වෙනුවෙන් ලියවුණු පොත් 3ක් හෙට එළිදැක්වේ

0
100

NEWSNOW| –  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද හත්තක විසින් රචිත ‘ගාසා ජන සංහාරය’, හිටපු අමාත්‍ය ඉම්තිස් බාකීර් මාකර් විසින් රචිත ‘පලස්තීනය’ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලතීෆ් ෆාරුක් විසින් රචිත ‘NO TEARS FOR PALESTINE’ යන වැදගත් ග්‍රන්ථ තුනක් හෙට (ජූලි 01) එළිදැක්වීමට නියමිතය.

ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා මාධ්‍යවේදීහු සංවිධානය කරන මෙම උත්සවය සවස 4:00 සිට සවස 6:00 දක්වා කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ ප්‍රදීපාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම උත්සවයේදී ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්  සහ මාධ්‍යවේදී ෂර්ලි කන්දප්පා සහ තරිඳු උඩුවරගෙදර විසින් පොත් සමාලෝචන ඉදිරිපත් කරනු ඇත.

මෙම පොත් තුන පලස්තීනයේ සිදුවන ප්‍රහාර, ජන සංහාර සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සාක්ෂි ගෙන එයි.