ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නෙතෙන්යාහු ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් ෆාත්වා නම් ආගමික ආඥාවක්

0
55

NEWSNOW |-  ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කර තිබේ. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ගනිමිනි.

මහා අයතුල්ලා නසාර් මක්රෙම් නම් ෂියා ඉස්ලාමීය නායකයා මෙම ආඥාව ට්‍රම්ප්ට එරෙහිව නිකුත් කර ඇත්තේ, ඔවුන් දෙවියන්ගේ සතුරන් ලෙස නිවේදනය කරමිනි.

මෙවන් නියෝගයකට ලක්වු අයෙකුට ෂියා දහමට අනුව, මරණ දඬුවම, කුරුසයේ ඇණ ගැසීම, අතපය කපාදැමීම හෝ පිටුවහල් කිරීම යන දඬුවමක් ලබාදිය හැකිය.

ඉස්ලාමීය නායකයාට එරෙහි වන ඕනෑම අයෙක් මොහරෙබ් එනම් දෙවියන්ට එරෙහි යුද්ධයට එළෙඹි අයෙක් ලෙස සලකන බවත්, මෙම සතුරා පරාජය කිරීමට ගෝලීය මුස්ලිම් ප්‍රජාව ඒකරාශී විය යුතු බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

ඉරාන ෂියා ඉස්ලාමීය පූජකවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක් පැවති යුද්ධයෙන් අනතුරුවයි.

තනි පුද්ගලයෙකුට එරෙහිව මෙවන් ෆාත්වා ආඥාවක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here