පළාත් පාලන ආයතන 200ක බලය මාලිමාවට

0
15

NEWSNOW | – පළාත් පාලන ආයතන 200ක බලය මේ වනවිට ජාතික ජන බලවේගය විසින් තහවුරු කර තිබේ.

ඒ තණමල්විල ප්‍රාදේශීය සභාවේ සහ බලංගොඩ නගර සභාවේ බලය හිමිකර ගැනීමත් සමගය.

මේ අනුව සෘජුව බලය හිමිවූ ආයතන 151ද ඇතුළුව පළාත් පාලන ආයතන 200ක බලය ජාතික ජන බලවේගය සතුය.

ඒ අනුව සමගි ජන බලවේගයට අද (24) දින බලය හිමිවූ ගම්පොළ නගර සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාව සමග ඔවුන්ට හිමිව ඇති සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 27කි.

මීට අමතරව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 17ක බලය තහවුරු කරගෙන ඇති අතර පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට පළාත් පාලන ආයතන 3 බැගින් බලය හිමිව තිබේ.

පොදුජන එක්සත් පෙරමුණට එක් පළාත් පාලන ආයතනයක බලය හිමිව ඇති අතර, එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් කිසිදු ආයතනයක බලය තහවුරු කරගැනීමට සමත්ව නොමැත.

තවද ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ කිහිපයක්ද පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගෙන තිබේ.