පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (23) පුත්තලම නගරයේ පිහිටි කාසිමියා අරාබි විදුහල් ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී වර්’තමානයේ දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ තිබෙන කාලීන මාතෘකාවන් කිහිපයක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කළේය. මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව නියෝජනය කරමින් ආගමික නායකයින් ඇතුළු සාමාජිකයින් කිහිප දෙනෙක් සහභාගී වූහ.
එම අවස්ථාවේදී ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස මෙසේය.
“පුත්තලම් දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව කියන්නේ දශකයකට වැඩි කාලයක් තිස්සේ මෙම දිස්ත්‍රික්කය තුළ ජාතීන් අතර සාමය, සංහිඳියාව සහ ආගමික එකමුතුකම පිළිබඳ විවිධාකාර ක්‍රියාකාරකම් මගින් ජනතාවට අවබෝධ කිරීමේ කර්’තව්‍යයේ යෙදී සිටින කමිටුවකි. සාමය වෙනුවෙන් කැපවී සිටින කමිටුවක් විදිහට මේ කාල වකවානුව තුළ ජාතික සාම මණ්ඩලය සමගින් වගේම දිස්ත්‍රික්කයේ තිබෙන ආධ්‍යාත්මික මධ්‍යස්ථාන සහ ආගන්තුක සමාජ සේවා ආයතන සමග එක්ව මේ කාල වකවානුව තුළ අපගේ කමිටුව සිදුකර ඇති විශිෂ්ඨ සේවාවන් පිළිබඳව අපට ඇත්තේ ආඩම්බරයකි. සාමය වෙනුවෙන් කැපවී සිටින කමිටුවක් විදිහට මේ කාලවකවානුව තුළ රටේ සාමය වෙනුවෙන් බරපතල ලෙස බලපාන විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ මේ අවස්ථාවේදී ජනතාව සහ වගකිවයුත්තන්ට අවබෝධ කිරීම අපගේ වගකීමක් විදිහට සලකමු.
මැදපෙරදිග අර්’බුදය
2023 ඔක්තෝබර් හත්වෙනිදා පටන් ගත් ගාසා අර්’බුදය නිසා ඇතිවී තිබෙන කණගාටු දායක තත්ත්වය නිසා ගාසා ජනතාව පමණක් නොව මුළු මහත් ලෝකයම, මනුෂත්වයට ආදරය කරන සියලූම ජාතීන්හට විශාල සිත් තැවුලක් ගෙනදෙන දෙයක් බවට පත්වී තියෙනවා. ඒ විතරක් නොවේ මෙම අවාසනාවන්ත ගැටුම්කාරී තත්ත්වය නිසා අසල්වැසි රටවල් වලට තියෙන සාමයටත් බාධාවක් වී තියෙනවා. විශේෂයෙන් ඉරානය වැනි න්‍යෂ්ටික බලයෙන් යුත් රටවල් සමඟ යුද්ධය ප්‍රකාශ කිරීමට පවා මෙය කලාපීය අර්’බුදයක් බවට නිර්මාණය වෙමින් තිබෙනවා. පසුගිය 22 වනදා විට ඇමෙරිකාවද මෙම යුද්ධයට අතපෙවීම හරහා මෙම තත්ත්වය තව තවත් දැවෙන ලෝක යුද්ධයක් ඇතිවීමේ පෙර නිමිති පෙන්වීමට පටන්ගෙන තිබෙනවා. මේ යුද්ධය නිසා ගාසා තීරයෙන්, ඊශ්‍රායලයෙන්, ඉරානයෙන් මරණයට පත්වූ මිනිසුන් හට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරන අතර මේ අර්’බුදකාරී තත්ත්වයන්හට පත්ව ඇති ඊශ්‍රායලය, ඉරානය ඇමරිකාව ඇතුළු සියලූම බලවතුන්ගෙන්, පුත්තලම් දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව හැටියට අප ඉල්ලා සිටිනවා මේ යුධමය තත්ත්වය අත්හිටුවා ලෝක සාමය නැවත ස්ථාපිත කිරීමට සහය වන ලෙස.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
බහු ආගමික, බහු වාර්’ ක රටක් හැටියට ශ්‍රී ලංකාව තුළ නිදහසෙන් පසු විවිධ අභියෝග වලට මුහුණ දෙමින් තිබෙනවා. එම නිසා මේ රටේ ස්වෛරීභාවයට, රටේ ආරක්ෂාවට විවිධ බාධාවන් නිර්මානය වුණා. ඒවායින් වැලැක්වීමට ඒ කාලවකවානුව තුළ බිහි වූ පාලකයින් විසින් රටත්, ජාතියත් ආරක්ෂා කිරීම උදෙසා විවිධ පනත් හඳුන්වා දුන්නා. එම පනත්වලින් රට ආරක්ෂා කිරීම, ජනතාව ආරක්ෂා කිරීම වැනි හොඳ අරමුණක් තිබුණත් ඒ අරමුණින් පිටතට ගිහින් එම අණපනත් අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් විවිධාකාර ගැටළු රාශියකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවුණා. ඒ විදිහට තමයි ඉතිහාසය සාක්ෂි දරන්නේ. උතුරේ පටන් ගත්තු කැරලිකාරී සන්නද්ධ ගැටුම වෙන්න පුළුවන්, පාස්කු ප්‍රහාරය වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් රටේ විශාල වෙනසක් ඇති කළ අරගල සිද්ධිය වෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවන් නිසා රටේ ආරක්ෂාව පිළිබඳව උනන්දු වෙමින් තමයි මේ වගේ පනත් රටට හඳුන්වා දුන්නේ. නමුත් මේ පනත් වල ඇති අරමුණට පිටින් ගොස් ඇතැම් පාලකයින් විසින් හිතුමතේ ක්‍රියාත්මක කළ අකටයුතුකම් නිසා මේ රටේ පුරවැසියන්හට අසාධාරණයට ලක්වන්නට සිදුවුණු අවස්ථාවන් බොහෝමයි. වර්තමානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තමයි මේ සියළු අකටයුතුකම් සිද්ධවෙන්න හේතුවෙලා තිබෙන්නේ. ඒකට නිදසුන් බොහෝමයක් අපට දෙන්න පුළුවන්. එම නිසා ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන කරුණු කිහිපයක් අඩංගු මෙම පනත තවදුරටත් ලංකාව තුළ ක්‍රියාත්මක වනවා නම්, බොහෝ විද්වතුන්ගේ වාගේම නීතිඥවේදීන්ගේ සමාජ ක්‍රියාකාරීන්ගේ සහ සමාජයේ බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී තියෙන්නේ මෙම පනත සංශෝධනය කර, එහෙම නැත්තන් අහෝසි කර ඒ වෙනුවට රටේ සියලු ජනතාවට පිළිගත හැකි පනතක් හදුන්වා දෙන ලෙසයි. එසේම වර්තමාන ජනාධිපතිතුමාටත්, රජයටත් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලීමක් කරනවා.
පළාත් පාලන ප්‍රධානීන්ගේ වගකීම
මේ වනවිට සියලු පළාත් පාලන ආයතන වලට පත් කර ඇති ප්‍රධානීන් සහ නියෝජිතයින් ඒ ඒ ප්‍රදේශවල නගර සභා, ප්‍රාදේශීය සභා, සහ මහ නගර සභා වල කටයුතු ආරම්භ කරලත් තියෙනවා. ඉතින් අපි මේක අවස්තාවක් කර ගන්නවා අලුතින් පත්වුණු පළාත් පාලන ආයතන වල සියලුම සභිකයින් ඇතුළු පුරපතිවරුන්ට, සභාපතිවරුන්ට, උපසභාපතිවරුන්ට සුබපතන්න. ඔවුන්ගේ කටයුතු සාර්ථකව සිදු කරන්නට ආශීර්වාද කරනවා. ඇත්තටම මෙම ආයතන රටේ සංවර්ධනයට සහ ආර්ථිකයන්ට සේවාවන් රැසක් ලබාදෙන ආයතන බව අපි දන්නවා. අප රටේ පුරවැසියන්ට විවිධාකාර සේවාවන් මෙම ආයතන හරහා ලැබුණත් ඒවායේදී දුෂණ අක්‍රමිකතා සිදු වුණු බව නොරහසක්. පසුගිය කාලවකවානුව තුළදී අප මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පළාත් පාලන ආයතන තුළ තවමත් දෝලනය වෙමින් පවතින්නේ. අපට ලැබෙන තොරතුරු අනුව පළාත් පාලන ආයතනවල ගොඩක් අසාධාරණකම් වංචා, හොරකම්, දූෂණ සිදුවෙලා තියෙනවා. තවද ජනතාවටත් සහ පරිසරයටත් ඔවුන්ගෙන් වියයුතු යුතුකම් සහ තමන්ගේ වගකීම්වලින් ඈත් වුණු බවට සාක්‍ෂි අපට අහන්නට ලැබෙනවා. එම නිසා මේ රටේ සැබෑ සංවර්ධනයක් සැබෑ ආර්ථික දියුණුවක් බලාපොරොත්තු වන මේ මොහොතේ වර්තමානයේ පත්වී ඇති සභාපති, නගරාධිපති, පුරපතිලා වගේම එහි සාමාජිකයින්ටත් සාමය සඳහා වැඩ කරන ලද ආයතනයක් විදිහටත්, සර්’ව ආගමික නායකයින් හැටියටත් සියලු වගකිවයුත්තන්ගේ වගකීම් හා රාජකාරිය ඉතාමත් අවංකව, අධිෂ්ඨානයෙන් යුතුව ඉටු කරන්න කියල ඉල්ලීම කරනවා. ඒවගේම මේ රටේ ජීවත් වන ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේ රටේ ආගමික, සංස්කෘතික සමාජීය හා ආර්ථික දියුණුව, වෙනුවෙන් කැපවීමෙන්
කටයුතු කරන ලෙස ලංකාවාසී ජනතාව වෙනුවෙන් ඉතා ඕනෑ කමින් අප ඉල්ලා සිටිනවා. ස්තූතියි.
අන්තර් ආගමික කමිටුව,
පුත්තලම දිස්ත්‍රික්කය.
2025.06.23